Monday, October 13, 2014

සලාතයේ මහිම හදිස්:1

රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිවසල්ලම් තුමාණන් පැවසු බව අබ්දුල්ලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හුමා දන්වා ඇත.ඉස්ලාම් නමැති ගොඩනැගිල්ල කුළුණු පහක් මත ගොඩ නගා ඇත.

1.නැමදීමට සුදුස්සා අල්ලාහුතහාලා හැර අන් කිසිවෙකු නොමැත.රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිවසල්ලම් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා ද වේ.යැයි සාක්ෂි දැරීම.2.සලාතය ස්ථිරව  ඉටු කිරීම 3.සකාත් දීම 4.හජ් ඉටු කිරීම 5.රමළාන් මාසයේ උපවාසයේ යෙදීම. (ග්‍රන්ථ බුඃහාරි ,මුස්ලිම් )

පැහැදිලි කිරීම: මෙම හදීසයේ සඳහන් කරුණු පහම ඉස්ලාමයේ මූලික වගකීම වේ. මෙම හදීසයේ රසුලුල්ලාහි සල්ලල්ලාහූ අලෙයිවසල්ලම් තුමාණන්,ඉස්ලාමය කුළුණු පහක් මත ගොඩනගන ලද කුඩාරමකට උපමා කොට ඇත.කලිමාව මෙම කුඩාරමෙහි මැද කුළුණ වේ.අනිත් කරුණු සතර කුඩාරමෙහි සතර දෙසින් තිබෙන කුළුණු වැනිය. මැද කුළුණ නොමැති නම් කුඩාරම ගොඩනැගිය නොහැක.මැද කුළුණ තිබියදි සතර දෙසින් තිබෙන කුළුණු වලින් එකක් නැති වුවද,කුඩාරම තිබුණද,එම කුළුණ නැති කොටස පහත් වී අඩුපාඩු සහිතව පෙනේ. 

 මෙම හදීසය නුව අප ගේ තත්ත්වය  ගැන මඳක් සිතා බැලිය යුතුයි.ඉස්ලාම් නමැති කුඩාරම අපි කොපමණ දුරට ගොඩනගා ඇත්තෙමුද.? ඉස්ලාමයේ කුමණ වගකීමක් හෝ අපි සම්පූර්ණයෙන් ඉටු කරන්නෙමුද? මෙම කරුණු පහ කොතරම් වැදගත්ද කිවහොත්,මේවා ඉස්ලාමයේ අත්තිවාරම වේ.මූස්ලිම්වරයෙක් තමා මුස්ලිම්වරයෙකු වශයෙන් මෙම කරුණු පහම පිළිපැදීම ඉතා අවශ්‍ය වේ.නමුත් ඊමානයට පසු සියල්ලට වඩා වැදගත් වන්නේ සලාතයයි.

අබ්දුල්ලාහ් ඉබ්නු මස් ඌද් රලියල්ලාහු අන්හුමා පවසයි:මම රසුලුල්ලාහි සල්ලල්ලාහූ අලෙයිවසල්ලම් තුමාණන්ගෙන් සියල්ලටම වඩා අල්ලාහුතාලා ඉතා ප්‍රිය කරන ක්‍රියාව කුමක්දැයි ඇසුවෙමි.සලාතය යැයි එතුමාණෝ කීහ. ඉන්පසු කුමක්දැයි ඇසුවෙමි,දෙමව්පියන් සමග හොදාකාරව හැසිරීම' යැයි කීහ. .ඉන්පසු කුමක්දැයි ඇසුවෙමි,ජිහාද් යැයි කීහ.

ජිහාද් යනු -:
ජිහාද් යනු පුළුල් ගැඹුරු අදහස් කීපයක් දෙන පදයකි. ඒ අදහස්වල එකිනෙකට අන්‍යෝන්‍ය සබැඳියාවක් තිබෙන නමුත් පරස්පරතා දක්නට නොලැබේ. මුස්ලිම්වරයෙක් ස්වකීය ඉච්ඡුාවන් ආශාවන් දමනය කරමින් යටපත් කරමින් ඉස්ලාමීය රාමුව තුළ දිවි පැවැත්ම පවත්වා ගෙන යෑම සඳහා දරන වෑයම, උත්සාහය සටන ජිහාද් යන්නෙහි මූලික අර්ථයයි. ජිහාද් යන්නෙහි දෙවැනි අර්ථය කුමක්ද යත්, විස්තීර්ණ, විසිරුණු තම ජන සමාජයේ ගෞරවය හා සාර ධර්ම සුරැුකීම ඇපකැප වී වෙහෙසීම වේ. මෙහි අවසානය නම්, මුස්ලිම්වරුන්ගේ භූමිය සුරැුකීම සඳහා හෝ තාඩන පීඩනවලට පාත‍්‍ර වූ ජනයින්ට පිහිට වීමේ අරමුණින් ඉස්ලාමීය සීමාව තුළ සිට සටන් කිරීම, අප‍්‍රහතික උත්සාහයේ නියැලීම යනාදී අදහස් මෙහි ගැබ් වී ඇත.

 "ඊමානයට පසු සියල්ලට වඩා මූලික වන්නේ සලාතයයි යන ආලිම්වරුන්ගේ කීමට මෙම හදීසය සාක්ෂියක් වේ."
යැයි මුල්ලා අලිකාරි රහ්මතුල්ලාහි අලෙයිතුමා පවසා ඇත.

අල්ලාහුතාලා තම ගැත්තන් වෙත පැනවු වගකීම් සියල්ලට වඩා  ශේෂ්ඨ වන්නේ සලාතයයි



No comments:

Post a Comment